ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ රඳවි සිටි බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකුට ගංජා සහ දුම්කොල දිමට තැත් කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (15) මාස 09 ක සිර දඩුවම් නියම කලේය.
මෙසේ සිර දඩුවම් නියමවුයේ ගාල්ල දඩල්ල පදිංචි සැකකරුවෙකුටය.
මුදල් සහ රන් ආභරණ කොල්ලකෑමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද සැකකරුවන් දෙදෙනෙකු බන්ධනාගාරයට රැගෙන යන තෙක් බන්ධනාගාර නිධාරින්ගේ බාරයේ අධිකරණයේ සිර මැදිරියේ රඳවා සිටියදි සැකකරු පිටු පසින් පැමිණ යකඩ කුරු අතරින් යමක් ඇතුලට දමන විට අධිකරණ පොලිස් නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ගාල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශයට බාරදි ඇත.
සිර මැදිරිය තුල තිබි ගංජා මිලි ග්‍රෑම් 3500ක් ද දුම්කොල ග්‍රෑම් 75ක්ද සොයාගෙන ඇත.
ඒ අනුව ගංජා සන්තකයේ තබා ගැනිම ,සිර මැදිරියේ සිටි රැඳවියන්ට ගංජා ලබාදිමට තැත් කිරිම, රැඳව්යන්ට දුම්කොල ලබා දිමට තැත් කිරිම යන චෝදනා තුන යටතේ සැකකරු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එක් චෝදනාවකට මාස තුන බැගින් වෙන් වෙන් වශයෙන් මාස නමයක සිර දඩුවම් නියම කලේය.