අද (27) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 60 වැඩි සුළං සහ තද වැසි

ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඊයේ (26) වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එය නැගනෙහිර වෙළරළ ඉතා ආසන්නව ගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද නිවේදනය කලේය.

මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ දෙසට ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බවත් මෙහි බලපෑම හේතුවෙන් ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත ඉතා තද වැසි සහ සුළං සහිත කාළගුණික තත්වයක් පැවතිය හැකි බවත් මෙම නිවේදනයේ සදහන් වේ.

එසේම ඊයේ (26) වනවිට නැගෙනහිර, උතුරු සහ උතුරු මැද  පළාත්වලට මිලිමීටර් 200 ඉක්ම වු තද වැසි ඇතිවිය හැකි බව මෙම නිවේදනයෙන් අවධාරණය කර ඇත.

අද (27) දිවයිනේ බොහෝ පළාත්වලට පැයට කිලෝමීටර් 60 -70 ඉක්මවු තද සුළං ඇතිවිය හැකි බවත් මෙම තත්ත්වය ඉදිරි දින කීපය පුරාවට පැවතිය හැකි බවත් දක්වා ඇත.

එබැවින් මේ ඇතිවිය හැකි කාලගුණික තත්ත්වයන් පිළිබද දැඩි අවධාන යොමු කළ යුතු අතර හදුනාගත් නායායෑම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

මහනුවර, මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්ක සඳහා නායයෑම් රතුනිවේදන නිකුත් කෙරේ.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර, මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්ක සදහා නායයාම් රතු නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මැදදුම්බර, ගගවට කෝරළය, උඩු දුම්බර, දොලුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, අඩුනුවර, පාතදුම්බර, දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, යටවත්ත, රත්තොට, විල්ගමුව, අඹන්ගග කොරළය, ලග්ගල පල්ලේගම, පල්ලෙපොල, නාඋල, මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ නුවර එලිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල නායයාම් අවදානම් කලාපවල ජීවත්වන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක බදුල්ල, ගාල්ල, මාතර, කලුතර, මහනුවර, නුවරඑලිය, මාතලේ, කෑගල්ල, රත්නපුරය සහ කුරුණෑගල යන කොට්ඪාශ 10 කට නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත. එසේම පසුගිය පැය විසි හතර තුල වර්ෂාපතනය සලකා බැලීමේ දී ගංවතුර ආපදා මෙන්ම  නායයාම්. කන්ඩි කඩාවටීම්, ගස් පෙරලීම් වැනි ආපදා සිදු විය හැකි බැවින් අවදානම් කලාපවල ජීවත් වන ජනතාව තම වටපිටාව තුළ සිදුවන වෙනස්වීම් පිළිබදව අවධානය යොමු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටී.

එසේම ගංවතුර සහිත ප්‍රදේශවල ජනතාව ගංවතුර සහිත මාර්ග හරහා ගමන්කිරීමේ දී ඉතාමත් සැළකිලිමත් වන ලෙසත් ගංවතුරෙහි සෙල්ලම් කිරීම ගංවතුර සහිත ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා යාමෙන් වළකින ලෙසක් ගංගාවන්හි දිය නෑමට හෝ පිහිනීමට යාමෙන් වළකින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

එසේම යම් ආපදා අවදානම් තත්වයක දී අවශ්‍ය සම්බන්ධීකරණය පහසු කරගැනීම සදහා හදිසි ඇමතුම් අංක 117 වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

Werzuo Digital

Leave a Reply