රථ වාහන සඳහා තාවකාලික අංක තහඩු භාවිත කරමින් මාර්ගය තුළ ධාවනය කිරීමට ලබා දුන් අවසරය දෙසැම්බර් 15 වන දායින් පසු අවසන් වන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළව පැවති ගැටලුකාරී තත්ත්වය අවසන් කර නැවත අංක තහඩු නිකුත් කිරීම ආරම්භ කර ඇති බව ය.
වාහන අංක තහඩුවක් ලබා ගැනීම සඳහා මුදල් ගෙවා මෙතෙක් එය ලබා නොගෙන ඇත්නම් දෙසැම්බර් 15 වන දාට පෙර අංක තහඩු ලබා ගන්නා ලෙස ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අදාළ දිනයට පසූ තාවකාලික අංක තහඩු භාවිත කරමින් මාර්ගය තුළ රථ වාහන ධාවන කිරීම කළ නොහැකි බව ත් එලෙස තාවකාලික අංක තහඩු භාවිත කරමින් ධාවන කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්රියා මාර්ග ගන්නා බව ත් නිවේදනයේ සඳහන් කර ඇත.