බෙංගාල බෝක්කේ අඩු පීඩන කලාපයක් – සුළි කුණාටුවක අවදානමක්

ලබන 23 වනදා පමණ වනවිට ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.

ඉන් පසු එය එළඹෙන දින 02 තුළ දී එය නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර, එම පද්ධතිය තව දුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේය.

ඒ අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කටයුතු සිදුකරන නාවික හා ධීවර ප්‍රජාවන් සහ නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙසෙන මහජනතාවගෙන් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරියේ දී අනාවැකි සහ නිවේදන පිළිබඳව අවදානයෙන් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය

Werzuo Digital

Leave a Reply