ජල භීතිකාව බවට සැක කරන රෝගය වැළදිමෙන් පාසල් සිසුවෙකු මියගොස් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ නෙළුව මාවනාන ප්‍රදේශයේ පදිංචි නෙළුව මාකවිට ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන හත් හැවිරිදි සිසුවෙකි.
මෙම දරුවා මීට මාස දෙකකට පමණ ඉහතදී අසල්වාසී නිවසකින් දරුවාගේ නිවසට රැගෙන එන ලද බලු පැටියෙකු විසින් සපා කා ඇති අතර එයට ප්‍රථිකාර ගෙන නොමැති බවත් ඉකුත් 07 වන දින දරුවාට උණ රෝගය හා ශ්වසන අපහසුතා ඇති වීම මත නෙළුව මැදගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සදහා කරාපිටිය ජාතික රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී සිකුරාදා (08) මියගොස් ඇත.
මෙම මරණය ජල භීතිකා රෝගය වැළඳීමෙන් සිදුවූවක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා මියගිය සිසුවාගේ පටක කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවා ඇතැයි කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය