වසර 8කදී ශ්‍රි ලාංකික තරුණ තරුණියෝ 4368 දෙනෙකු දකුණු කොරියා ගිහින්

ගෙවී ගිය වසර අටක කාලයේදී ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 4368 දෙනකු දකුණු කොරියා රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

එලෙස කොරියාවේ රැකියාවලට ගිය පිරිස අතර තරුණියත් 83 සිටීම විශේෂත්වයකි.

මෙලෙස මාස අට තුළ කොරියානු රැකියාවලට ගිය පිරිසෙන් වරක් එහි රැකියාවල නිරතව නිත්‍යානුකූලව මෙරටට පැමිණ සිටි 469 දෙනකු
දෙවන වරටද එරටට යාමට සුදුසුකම් ලබා ඇත.

දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් සපුරා සිටි තවත් 107 දෙනෙකු 03 වැනිදා දකුණු කොරියාව බලා පිටත්ව ගිය බව ද කාර්යංශය කියයි.

ශ්‍රී ලංකා රජය හා දකුණු කොරියානු රජය අතර ඇති කරගෙන තිබෙන රැකියා ගිවිසුමකට අනුව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව පුහුණුවෙන් පසු මෙම පිරිස එරටට පිටත්කර යවා තිබේ

Werzuo Digital

Leave a Reply