පොලොන්නරුවේ වෙළඳ සැලක ගින්න නිවාදමයි

පොළොන්නරුව කදුරුවෙල මාර්ගයේ වෙළඳ සංකීර්ණයේ වෙළඳසැලක ඊයේ (07) රාත්‍රියේ හටගත් ගින්න අනෙක් වෙළඳසල්වලට පැතිර යාම වලක්වමින් සාර්ථකව මැඩපවත්වා තිබේ.

ගිනි නිවීමේ හමුදාවේ පොළොන්නරුව එකකය විසින් මෙම ගින්න මැඩ පැවත්විම සඳහා ගිනි නිවන රථ 3ක් යෙදවු බව පැවසීය.

පොලොන්නරුව ගිනි නිවන ඒකකය, පොලිසිය හමුදාව, ගුවන් හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පැතිරීම වැළැක්වීම සඳහා දැඩි උත්සාහයක් ගෙන ඇති අතර පැය 08 කට පසු එය මැඩ පැවැත්වීමට හැකිවී ඇති බව පොලීසිය පවසයි. 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ හේතුවෙන් මඩකලපුව -පොලොන්නරුව මාර්ගයේ කොටසක් වසා දැමීමට පියවර ගත් බවද පොලීසිය පවසයි. 

Werzuo Digital

Leave a Reply