ලංකාවේ මතකය අමතක වන අය ලක්ෂ හතරක් සිටින බවට අනාවරණයක්

මතකය අමතක වීමේ රෝගයකින් (ඩීමෙන්ෂියාව) ලංකාවේ ලක්ෂ 04ක පිරිසක් මේ වන විට පීඩා විඳින බවත් මෙය නිසි පරිදි පාලනය නොකළහොත් ලංකාවේ මෙම තත්ත්වය ඉතා බරපතළ විය හැකි බවත්, මනෝ විද්‍යා සංවර්ධන උපදේශක මිදුනිල් මධුෂංක මහතා පැවැසීය.

දිගුකාලීන හා බොහෝ විට සිතීමේ සහ මතක තබා ගැනීමේ හැකියාව ක්‍රමයෙන් අඩුවීමට හේතු වන පුළුල් මොළයේ රෝග කාණ්ඩයක් වන ඩීමෙන්ෂියාව (මතකය අමතක වීම) මේ මෑත දශක කිහිපය තුළ සැලකිය යුතු මහජන සෞඛ්‍ය ගැටලුවක් බව, මනෝ විද්‍යා, පෞර්ෂත්ව සංවර්ධන උපදේශක මිදුනිල් මධුෂංක මහතා ප්‍රකාශ කළේය.

මිනිසාට සිදුවන මතකය අමතක වන ලක්ෂණය ලොව පුරා පුද්ගලයන් මිලියන ගණනකට බලපාන අතර, ලංකාවේද ලක්ෂ 4ක පමණ පුද්ගලයන්ට මේ තත්ත්වය ඇතිවී තිබෙන බව සොයාගෙන ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම තත්ත්වය, විශේෂිත රෝගයක් නොව එදිනෙදා ජිවිතයට බාධා කිරීමට තරම් මතකය අඩු වීම, තර්කනය සහ අනෙකුත් සංජානන කුසලතා පිරිහීම, වචන ගැළපීමේ අපහසුතාව, දිනය-වේලාව අමතක වීම, ව්‍යාකූල බව, තීරණ ගැනීමේ අපහසුව, කාංසාව, සමබරතාව බිඳවැටීම ආදී පොදු ලක්ෂණ සමඟ එක් වූ තත්ත්වයකි.

මතකය අමතක වීමේ ප්‍රභේද කිහිපයක් ඇති නමුත් ඇල්සයිමර් තත්ත්වය වඩාත් බහුලව දක්නට ඇත. බොහෝ දෙනකුගේ, නිදහසේ විවේකීව ගත කළ යුතු ජීවිතයේ සැඳෑ සමය අඳුරු කර දැමීමට ඩිමෙන්ෂියාව සමත් වී තිබේ.

Werzuo Digital

Leave a Reply