හම්බන්තොට ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලයේ මූල්‍ය ආධාර මත ගාල්ල, බද්දේගම ක්‍රිස්තු දේව බාලිකා විදුහලේ ස්ථාපනය කළ ස්මාර්ට් පන්ති කාමරය අද (03) හම්බන්තොට ඉන්දියානු කොන්සල් ජනරාල් හර්වින්දර් සිං මහතා විසින් සිසු අයිතියට පත් කරනු ලැබිය
ගාල්ල, බද්දේගම ක්‍රිස්තු දේව බාලිකා පාසලට පසුගිය මාර්තු මාසයේ ඉන්දියානු මහකොමසාරිස්වරයා පැමිණි අවස්ථාවේදී කළ ඉල්ලීමකට අනුව පාසල් දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩා උසස් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1.5 ක පමණ වියදමින් සුහුරු පංතිකාමරයක් ස්ථාපනය කිරීමට පොරොන්දු විය.
ඒ අනුව හම්බන්තොට ඉන්දියානු කොන්සල් ජනරාල් හර්වින්දර් සිං මහතා සහ දකුණු පලාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය විවෘත කරනු ලැබිය.
දකුණු පලාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා, ගාල්ල කලාප අධ්‍යාපන අධ්යක්ෂ, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මීන් සහ කිතුදෙව් බාලිකාවන් මෙම අවස්ථාවට සහභාගී සිටියහ