ගාල්ල ගිංතොට ප්රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයේ තිබි පුද්ගලයකුගේ පාදයක කොටසක් අද (04) පෙරවරුවේ හමු වූ බව පොලිසිය පවසයි.
මෙම පාදයේ කොටස හමුවීමෙන් පසු එහි පැමිණි ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා විසින් එය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස පොලිසියට නියෝග කළේය.
මෙම පාද කොටස කාන්තාවකගේ හෝ පිරිමියකුගේද යන්න අනාවරණය වී නොමැති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය පැවසීය