2024 ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව නම ලක්ෂ තුන්දහස් එකසිය හැට තුනක් (903163 )ක් වන බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය පවසයි.
2019 ජනාධිපතිවරණයේ ලියාපදිංචි චන්ද සංඛ්‍යාව අටලක්ෂ පනස් අට දහස් හත් සිය හතළිස් නවයක් (858749) බවත් 2024 වසරේ ජනාධිපතිවරණයට නව ඡන්දදායකයන් හතළිස් හතර දහස් හාරසිය දාහතරක් (44414) ලියාපදිංචි වී ඇති බව ගාල්ල මැතිවරණ කාර්යාලය පවසයි.
මෙහි පිරිමි ඡන්ද හිමියන් 435717 වන අතර එය ප්‍රතිශතයක් ලෙස 48.24%කි. කාන්තා ඡන්ද හිමියන් 467446ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 51.76%කි.
තැපැල් චන්ද දායකයන් ගාල්ල දිස්ත්‍රික්කයේ 41436 දෙනෙකු සුදුසුකම් ලබා ඇත .
ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 10ක් වන අතර ඒ අතුරින් මෙවර වැඩිම ඡන්දදායක පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ අක්මීමන මැතිවරණ කොට්ඨාසයෙනි එම ඡන්දදායක පිරිස 109 571කි, හිනිදුම මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද දායකයන් 108129ක් සහ බද්දේගම මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්දදායකයන් 105232ක් ලියාපදිංචි වී ඇත.
අඩුම ඡන්දදායකයන් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ බලපිටිය මැතිවරණ බල ප්‍රදේශයෙන් වන අතර එම පිරිස 57217කි.
ගාල්ල දිස්ත්‍රික්කය තුළ මෙවර පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 715ක් වේ.