ඊශ්‍රායල රජයට එරෙහිව එරට දැවැන්ත ජනතා උද්ඝෝෂණයක්

ඊශ්‍රායලයේ මේ වනවිට (02) දැඩි විරෝධතා ආරම්භ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය..

ඊශ්‍රායලය සහ පලස්තීනයේ හමාස් සටන්කාමීන් අතර ඇති ව තිබෙන යුද්ධයේ දී හමාස් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා ගනු ලැබූ ඊශ්‍රායල වැසියන් 06 දෙනෙකුගේ සිරුරු හමුවීමත් සමග එරට වැසියෙන් මෙලෙස වීදි බැස ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට නිසි වැඩපිළිවෙළක් හෝ ක්‍රියාමාර්ගයක් සකස් නොකළ බවයි.

එබැවින් වහාම ගාසා තීරයේ සිදු වන යුද්ධය නවතා දැමීමට ගිවිසුමක් අවශ්‍ය බවට ද විරෝධතාකරුවන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

මේ වනවිට ජෙරුසෙලම, ටෙල් අවිව් ආදි නගරවලට ලක්ෂ 5කට අධික විරෝධතාකරුවන් සටන් පාඨ පෙරදැරි කරගනිමින් වීදි බැස ඇති බව එම වාර්තා සඳහන් කලේය.

තවත් ප්‍රාණ ඇපකරුවන් 101 දෙනෙකු හමාස් භාරයේ සිටින බවත් වහාම ඔවුන් ව නිරුපද්‍රිතව ගෙන ඒමට අගමැති නෙතන් යාහු ඇතුළු බලධාරීන් කඩිනම් පියවර ගත යුතු බවත් විරෝධතාකරුවන් සිය විරෝධතාවල දී සඳහන් කර තිබෙන බව එම වාර්තා සඳහන් කලේය

මෙම විරෝධතාකරුවන් අද වනවිට අගමැති නෙතන්යාහුගේ නිවස ඉදිරිපිටට රැස්ව මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ පින්තූර සහිත පුවරු ඔසවා ගනිමින් උද්ඝෝෂණයේ නිරතව සිට ඇති බව එම වාර්තා සඳහන් කලේය

විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් 29 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර එරට කම්කරුවන් අද දින එක් දින වර්ජනයක් ද ආරම්භ කර තිබෙන බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කලේය.

Werzuo Digital

Leave a Reply