ජනාධිපති අපේක්ෂකයෙකුගේ පෝස්ටර් අලවන්න ගිය දෙදෙනෙකුට දඩ

මැතිවරණ නිති රිති උල්ලංඝණය කරමින් යතුරු පැදියකින් පැමිණ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුගේ පෝස්ටර් ඇලවිමට සූදානම්වු පුද්ගලයින් දෙදෙනකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය එක් අයෙකුට රුපියල් විසිපන් දහස බැගින් රුපියල් පනස් දහසක දඩ ඊයේ (02) නියම කලාය..

මෙසේ දඩ නියමවුයේ හික්කඩුව සහ ගෝනාපිනුවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුටය.

සැකකරුවන් දෙදෙනා යතුරු පැදියකින් පැමිණ හික්කඩුව නලාගස්දෙණිය ප්‍රදේශයේ පෝස්ටර් ඇලවිමට සුදානම්වු අවස්ථාවේ පොලිසියට ලැබුන තොරතුරක් අනුව පෝස්ටර් තොගයක් සමග අත් අඩංගුවට ගෙන ඇත.

Werzuo Digital

Leave a Reply