2024 ශිෂ්‍යත්ව විභාග කාලසටහන නිකුත් කෙරේ

2024 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ

ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා දෙවැනි ප්‍රශ්න පත්‍රය පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2,649 කදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

විභාගය අයදුම් කළ අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් එම ලේඛන තවමත් නොලැබී ඇති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic පිවිසීමෙන් අදාළ ලේඛනය බාගත ජරාගැනීමේ හැකියාව පවති.

එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම් එය අද (02) දින සිට සැප්තැම්බර් 9 දක්වා මාර්ගගත සංශෝධනය කිරීමටත් පහසුකම් සලසා තිබේ

Werzuo Digital

Leave a Reply