ජනගහනයෙන් ලක්ෂ 50ක් මතට හුරුවෙලා – වසරකට හතලිස් දහසක් ජිවිතක්ෂයට

මෙරට මිලියන දෙකක් වූ ජනගහනය අතුරින් ලක්ෂ පනහක් පමණ විවිධ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවී ඇති බවත් වාර්ෂිකව හතළිස් දහසක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මියයන බවත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි.

මේ අතුරින් බහුතරයක් ගංජා භාවිතයට යොමුවී ඇති අතර ගංජා භාවිතයට යොමුවූ පිරිස තුන්ලක්ෂ පනස් දහසක් පමණ වන බවත් හෙරොයින් භාවිතය සඳහා ලක්ෂයකට ආසන්න පිරිසක් ඇබ්බැහිවී ඇති බවත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාඛ්‍ය නානායක්කාර පැවසීය.

එමෙන්ම පාසල් ළමුන් බහුතරයක් අතර දුම්කොළ භාවිතයට නැඹුරුවක් පවතින බව හඳුනාගෙන ඇති නමුත් තවමත් අයිස් වැනි මත්ද්‍රව්‍ය පාසල් ආශ්‍රිතව වසංගතයක් ලෙස පැතිරයාමේ අවධානමක් නොමැති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මීට අමතරව සමස්ථ ජනනගහනය අතරින් දුම් නොනඟින දුම්කොළ භාවිතයට ලක්ෂ 15ක් පමණ යොමුවී ඇති අතර විවිධ මත්පෙති භාවිතය සඳහා විසි පන්දහසත් තිස්දහසත් අතර පිරිසක් ද අයිස් මත්ද්‍රව්‍ය සඳහා පනස් දහසකට ආසන්න පිරිසක්ද යොමුව ඇති බව හඳුනගෙන ඇත.

කෙසේ වෙතත් යන තත්ත්වය අනුව අයිස් මත්ද්‍රව්‍ය වසංගතයක් විය හැකි බව මාධ්‍ය වාර්තා දුටු විට පෙනියයි

Werzuo Digital

Leave a Reply