ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ජන සංහාරයක් සිදුකරන බවට චෝදනා කරමින් එහි හමුදා ක්‍රියාකාරකම් අත්හිටුවීමට ඊශ්‍රායලයට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පවරා ඇති බවත් එම නඩු විභාගය ඊයේ (11) ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය…
කෙසේ වුවත් දකුණු අප්‍රිකානු නීතිඥ කණ්ඩායමක් විසින් නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ගොනු කරනු ලැබූ ඊශ්‍රායලයට එරෙහි නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට සති කිහිපයක් ගතවනු ඇතැයි ද එම වාර්තා වැඩිදුරටත් වාර්තා කළේය.
ඊශ්‍රායල හමුදාව ගාසා තීරය මුළුමනින්ම විනාශ කරමින් සිටින බවත්, එම කලාපයේ ජනතාව දහස් ගණනින් ඝාතනය කරමින් ද, දේපළ විශාල ප්‍රමාණයෙන් විනාශ කරමින් ද ගාසා තීරයේ ස්වාධීනත්වය උල්ලංඝනය කරමින් සිටින බවත් ඊයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේදී දකුණු අප්‍රිකානු නීතිඥවරුන් කරුණු දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
දකුණු අප්‍රිකාවේ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ඊශ්‍රායලය සඳහන් කර ඇත්තේ එය පදනම් විරහිත චෝදනාවක් බවය.