හම්බන්තොට මුහුදේ ගිලී සිසුවෙකු ඇතුළු දෙදෙනෙකු ජිවිතක්ෂයට

හම්බන්තොට අංක 01 වරාය පිවිසුම් දොරටුව අසල මුහුදේ දිය නෑමට ගිය 15 හැවිරිදි සිසුවෙකු සහ තංගල්ල උණාකූරුව ඔරු තොටුපොළින් මුහුදු ගිය ධීවරයකු සැඩ රළ පහරට හසුව ඔරුව පෙරළී දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

හම්බන්තොට මුහුදේ දිය නෑමට ගොස් මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්තොට ධර්මපාල මාවතේ පදිංචි සිසුවෙකි.

ඔහු මුහුදේ ගිලෙනු දුටු ප්‍රදේශවාසීන් වහා ගොඩගෙන හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කලද ඒ වනවිටත් සිසුවා මියගොස් සිටි බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර තංගල්ල උණාකූරුව ඔරු තොටුපොළින් මුහුදු ගිය ධීවරයකු සැඩ රළ පහරට හසුව ඔරුව පෙරළී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල පොලිසිය පවසයි

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල , උණාකූරුව ,කැටකාලවත්තේ 57 හැවිරිදි විවාහකයෙකි.

ඔහු තනිවම ඔරුවක නැගී මුහුදු ගොස් ඇති අතර සවස් වෙනතුරු නැවත නොපැමිණීම නිසා සොයා බැලීමේදී ඔහු පැදගිය ඔරුව පමණක් කුඩාවැල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී හමුවී ඇත.

පසුව ධීවරයාගේ මළසිරුර නිල්වැල්ල දූවගාව වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගත් බව පොලිසිය පැවසීය 

Werzuo Digital

Leave a Reply