අපරාධකරුවන්ගේ ලැයිස්තුවක් සියලුම පොලිස් ස්ථාන වෙත

විවිධ අපරාධ ක්‍රියා සඳහා සම්බන්ධ පුද්ගලයන් 42,248 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් දිවයින පුරා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරුන් වෙත යොමුකර තිබේ.

යුක්තිය මෙහෙයුමෙන් ඉදිරි මාසය තුළ ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසත් නියෝග කර ඇති බව සඳහන් වේ.

එම සැකකරුවන් අතර වරෙන්තු නිකුත් කර ඇති 35,505ක්, ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන මෙතෙක් අත්අඩංගුවට නොගත් සැකකරුවන් 4,258ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් (2022 වර්ෂයේ) 807ක් සහ 1678ක් (2023 වර්ෂයේ) වශයෙන් සැකකරුවන් 2,485 දෙනෙකු සිටී.

හෙට (14) සිට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සක්‍රීයව සහභාගී වන ලෙසට සියලුම පොලිස් ස්ථානවල කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්,මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරුන් සහ අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්ට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් දී ඇත.

Werzuo Digital

Leave a Reply