ගාල්ල, කොටුව ප්‍රදීපාගාරය අසල වෙරළ තීරයට අද (12) පස්වරුවේ නාඳුනන කාන්තා මළ සිරුරක් ගොඩ ගසා ඇතැයි පොලිසිය පවසයි.
වයස අවුරුදු 65 පමණ වන කාන්තාවකගේ යැයි අනුමාන කල හැකි මෙම මළ සිරුර ගාල්ල හදිසි මරණ පරීක්ෂකවරයා පැමිණ නිරීක්ෂණය කිරීමෙන් පසුව මෘත දේහය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙනයන ලදී.
මියගොස් සිටින කාන්තාවගේ අන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.