ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ මිනහාසා අර්ධද්වීපයේ රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.0ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මෙම භූමිකම්පාව පෘථිවි පෘෂ්ඨයට කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.21) පහළින් සිදුවී ඇති බව එම ආයතනය පවසයි.
කෙසේ වෙතත් මෙම භුචලනයෙන් සිදුවු දේපල හෝ ජිවිත හානි පිළිබඳව තවමත් නිල වාර්තා ලැබි නොමැති බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේය.
නොගැඹුරු මුහුදේ මෙම භූමිකම්පාව සිදුව ඇති නිසා එය සුනාමියක් ඇති කිරීමේ හැකියාවක් නොමැති බව ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේය.
2018 දී එම ප්‍රදේශයේම ඇති වූ රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.5 ක භූමිකම්පාවෙන් සුනාමියක් ඇතිවු අතර එහිදී විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්විය.