උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භු කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 1000 ඉක්මවා ගොස් තිබෙන එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සුන්බුන් අතර තවදුරටත් පුද්ගලයින් සිරවී සිටින අතර තුවාලකරුවන් 1200 ඉක්මවා වාර්තා වී ඇති බව එම වාර්තා සඳහන් කළේ ය.
එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 11.00ට පමණ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.8ක ප්‍රභලත්වයකින් යුතු භු කම්පනයෙන් පසු මෙම හානි වාර්තා වී ඇත.
එහි අප කේන්ද්‍රය සටහන් වී තිබුණේ මරකේෂ් නගරයට කිලෝමීටර 71ක් නිරත දිගින් පිහිටි හයි ඇට්ලස් කඳු වැටියේ කිලෝමීටර 18.5 ක ගැඹුරිනි.
ඉන් වැඩි හානියක් සිදුවී ඇත්තේ එරට සිව්වන විශාලතම නගරය වන මරකේෂ් නගරයටය.
එමෙන්ම යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙසද නම් කර ඇති මරකේෂ් හි පැරණි නගරයට ද ඉන් හානි සිදුවී තිබේ.
භූ කම්පනයේ සුන්බුන්වලින් මාර්ග අවහිරවීම හේතුවෙන් සහන සේවකයින්ට බලපෑමට ලක්වූ ප්‍රදේශවලට ළඟාවීමට අපහසුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම තුවාල ලබා රෝහල් ගතකර ඇති පිරිස වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීම් කර ඇත.
මෙය 2004 වසරෙන් පසු මොරොක්කෝවට බලපෑ ප්රබලතම භු කම්පනය බව සඳහන් වෙයි.
එමෙන්ම මෙය වසර 120කින් පසු උතුරු අප්‍රිකානු කලාපයෙන් වාර්තා වූ ප්රබලතම භූ කම්පනය වීමද විශේෂත්වයකි.