ඉතාලි පාසල් සිසුවියක් ඝාතනය කල ශ්‍රි ලාංකීය සම්භවයක් සහිත සිසුවෙකු අත්අඩංගුවට

රෝමයේ නිවාස සංකීර්ණයක් තුළ දී ඉතාලි ජාතික 17 හැවිරිදි පාසල් සිසුවියක් ඝාතනය කර ඇගේ සිරුර කසල බැහැර කිරීමට යොදා ගන්නා ඉටි බෑගයක් තුළ සඟවා ට්‍රෝලියක් මත තබාගෙන තල්ලු කරගෙන යමින් සිටි බව කියන එම වයසේම පසුවන එරට සම්භවයක් ඇති ශ්‍රී ලාංකික පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ එරට 17 හැවිරිදි පාසැල් පාසල් සිසුවියකි.

කසල බැහැර කරන ස්ථානයකට ගොස් සිරුර සැඟවීම සඳහා මෙසේ රැගෙන යමින් සිට බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

මෙම සැකකාර සිසුවා ශ්‍රී ලාංකික අඹුසැමි යුවළකට ඉතාලිය දී උපත ලැබූ ඔවුන්ගේ පවුලේ සිටි එකම දරුවා බවද වාර්තාවේ.

මෙම සිසුවා හා මෙම සිසුවිය අතර කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් සිසුවිය එම සම්බන්ධතාවය නතර කිරීම නිසා මෙම අපරාධය සිදුව තිබෙන බව වාර්තාවේ.

රෝමයේ, ප්‍රිමවිල් (primavlle) ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක දෙවැනි මහලේ නිවසක් තුළදී මෙම 17 හැවිරිදි ඉතාලි ජාතික සිසුවියකට පිහියකින් ඇන ඉකුත් 28 වෙනිදා ඝාතනය කර ඇත.

සැකකරු ඝාතනයට යොදාගත් පිහියද සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply