දකුණු ඉන්දීය සාගරයේ ප්‍රබල භූමිකම්පාවක් – ශ්‍රි ලංකාවත් හෙල්ලෙයි

ශ්‍රි ලංකාවට ඈත ගිනිකොණදිග දකුණු ඉන්දීය සාගරයේ රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.8ක අගයකින් යුත් ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

මේ අතර භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය සහ මාලදිවයින කාලගුණ අංශ විසින් මෙම භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.0 ලෙස සදහන් කර තිබේ.

අද (01) දහවල් 12.59 පමණ සිදුව ඇති මෙම භුමිකම්පනයේ ප්‍රබලත්වය ගාල්ල, අකුරැස්ස, කොළඹ, කළුතර, පානදුර ඇතුළු කොළඹ තදාසන්න ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බව වාර්තා වේ.

මෙම භූමිකම්පාවේ අපකේන්ද්‍රය කොළඹ සිට කිලෝමීටර් 1260ක් දුරින් පිහිටා ඇති අතර එය පොළොවේ සිට කිලෝමීටර 10ක ගැඹුරින් සිදුවී ඇත.

මෙම භූකම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය ප්‍රකාශ කර තිබේ.

Werzuo Digital

Leave a Reply