රුසියාව යුක්‍රේන ඉලක්ක වලට පහර දෙයි

ඩොන්බාස් ජනරජ සමුහාණ්ඩුවේ රුසියානු හමුදාවන්ට විශේෂ හමුදා මෙහෙයුමක් සිදු කිරීමට තමන් අණදුන් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

ඩොනෙට්ස්ක් සහ ලූහාන්ස්ක් නායකයන් වන ඩෙනිස් පුෂ්ලින් සහ ලියනොයිඞ් පසෙච්නික් දිනෙන් දින වැඩිවෙන යුක්රේන ආක‍්‍රමණිකත්වය හේතුවෙන් තමන්ට රුසියානු හමුදාවේ සහාය අවශ්‍ය බව නිල වශයෙන් ලිඛිතව කළ ඉල්ලීමට ප‍්‍රතිචාර වශයෙන් මෙම විශේෂ හමුදා මෙහෙයුම සිදුකිරීමට ජනාධිපති පුටින් අණදී ඇත.

ඒ අනුව යුක්‍රේන හමුදා බැරැක්ක සහ ගුවන් හමුදාව අඩපණ කිරීම සඳහා ඉලක්කය නොවරදින ආයුධ භාවිතා කරන බව මීට සුළු මොහොතකට පෙර රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කලේය.

මේ අතර තම හමුදාවේ යටිතල පහසුකම් සපයන ස්ථානවලට රුසියාව විසින් ප්‍රහාර එල්ල කල බව යුක්‍රේනය නිවේදනය කලේය..

යුක්රේන හමුදාවන්ට අවි බිම තබන ලෙසත් රුසියාවේ යුධ මෙහෙයුම්වලට බාධා කරන්නන් හට රුසියාව විසින් ක්ෂණිකව පිළිතුරු දෙනු ඇති බවත් ජනාධිපති පුටින් පැවසීය.

යුක්රේනයේ සිටින නාසි කණ්ඩායම් ඩොනෙට්ස්ක් සහ ලූහාන්ස්ක් ජනතාව රුසියාව සමග එකතු වීම පිළිබඳව කිසිම දිනක සමාව නොදේවි,අපිට යුක්රේන භූමිය අත්පත් කර ගැනීමට අවශ්‍ය නැහැ අපිට ඕනෙ ඩොන්බාස් ජනරජ ආණ්ඩුවේ ආරක්ෂාව තහවුරු කරන්න ජනාධිපති පුටින් වැඩිදුරටත් පැවසීය

මේ වන විට යුක්රේනයේ හමුදා නීතිය ප‍්‍රකාශයට පත් කර ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි

මේ වන විට යුක්‍රේන අගනුවර ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවිමේ සයිරන් නලා නාද කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය…

යුක්රේනයේ නැගෙනහිර වරාය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කියෙව්, කර්කොව්, ක‍්‍රමටොස්ක් සහ බර්ඞ්යාන්ස්ක් නගරවල‍ෙ පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු ගෙන්වන්න එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානි ඇන්ටෝනියෝ ගුටේරස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කලේය..

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සභාපති මෙන්ම එක්සත් ජාතීන්ගේ රුසියන් තානාපති වැසීලි නෙබෙන්සායා දැනටමත් විශේෂ හමුදා මෙහෙයුම පටන් ගෙන ඇති බව පිළිගෙන ඇත.

Werzuo Digital

Leave a Reply