රුසියානු හමුදා විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්‍රේන බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය
ඔඩෙස්සා නගරයෙන් පිටත පොඩිල්ස්ක්හි හමුදා ඒකකයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 09 දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලැබූ බව එම වාර්තාවේ සදහන් වේ.
එහිදි පුද්ගලයන් 19 දෙනෙකු ද අතුරුදන්ව ඇති අතර මරියුපෝල් නගරයේ එක් පුද්ගලයෙකු මිය ගිය බව බලධාරීන් වැඩිදුරටත් පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මේ අතර, රුසියානු ගුවන් යානා 05 සහ හෙලිකොප්ටරයක් බිම හෙළූ බව යුක්‍රේන සන්නද්ධ හමුදා පවසයි.කෙසේ වෙතත්, තම ගුවන් යානා වෙඩි තබා බිම හෙළූ බවට පළවන වාර්තා රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර, රුසියානු හමුදා රථ පෙළ උතුරු චර්නිහිව් සහ සූමි ප්‍රදේශවලින් සහ නැගෙනහිර ලුහාන්ස්ක් සහ ඛාර්කිව් ප්‍රදේශවලින් යුක්‍රේනයට ඇතුළු වී ඇති බව යුක්‍රේන දේශසීමා ආරක්ෂක සේවය (DPSU) පවසයි.
තව ද කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල වූ බව එහි සඳහන් වන අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේන දේශසීමා ආරක්ෂකයින් තුවාල ඇති බව යුක්‍රේන දේශසීමා ආරක්ෂක සේවය පවසන බව ය.
යුක්‍රේනයේ කියෙව් සහ ඛාර්කිව් ඇතුළු ප්‍රදේශ කිහිපයක මිසයිල ප්‍රහාර සහ පිපිරීම් වාර්තා වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ අනුව, යුක්‍රේන විදේශ ඇමති රුසියාව පූර්ණ යුද්ධයක් ආරම්භ කරන බවට චෝදනා කළ අතර එය නැවැත්වීමට “හැකි සෑම දෙයක් ම” කරන ලෙස එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියේ ය.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර ඊට රුසියාව වග කිව යුතු බවට ප්‍රකාශ කර තිබේ.
එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සහ නේටෝ නායකයින් ද රුසියානු ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් ප්‍රකාශ කළේ ය.