මාර්ගගත (Online) අධ්‍යාපනයට මව්පියන් දුන් ජංගම දුරකථනයෙන් අසැබි දර්ශන නරඹා 14 හැවිරිදි දැරියක් ගැබිනියක් කළ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.
ඔවුන් දෙදෙනාම එකම පාසලක 10 සහ 11 වන වසර වල අධ්‍යාපනය ලබන අතර දැරිය රෝහල් ගත කර ඇති අතර 15 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන ඇත
තමන්ට උදරාබාධයක් නිරතුරුවම හට ගන්නා බවට මවට පැවසීමෙන් අනතුරුව දැරියගේ මව මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරයෙ වෙත දැරිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරන ලද පරීක්ෂාවේ දී මේ බව හෙළි වූ බවත් දැරිය හත් මසක ගැබිනියක් බව තහවුරු වි ඇතැයි පොලිසිය පවසයි.
සැකකාර සිසුවා ගේ මව්පියන් විසින් මාර්ගගත අධ්‍යාපනය වෙනුවෙන් ලබාදුන් ජංගම දුරකථනය මගින් අන්තර්ජාලය හරහා අසැබි දසුන් නැරඹීමට පුරුදුව සිටි සිසුවා දැරිය සමග ඒ අයුරින් සිට ඇති බව සැකකාර සිසුවා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.