ඉරාන – ඊශ්‍රායල යුද උණුසුම ඉහළ යද්දි ඇමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක් 

ඕනෑම මොහොතක, ඊශ්‍රායලයට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉරානයෙන් ප්‍රහාරයකන් එල්ල වුවහොත්, එයින් ආරක්ෂා වෙමින්, ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තමන් සීරුවෙන් සිටින බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ.

මේ වන විට මෙම කලාපයේ දැඩි යුධ උණුසුමක් පවතින බවත් යම් හෙයකින් යුද්ධයක් ඇතිවුවහොත් එහි පල විපාක මැද පෙරදිග කලාපයට මෙන්ම ලෝකයට බලපා හැකි බව යුධ විශ්ලේෂකයන් සහ ජාත්‍යන්තර විචාරකයන් බිය පළ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේ

ඊශ්‍රායල හමුදා මීට දින කීපයකට පෙර, සිරියාවේ ඩමැස්කස් අගනුවර, ඉරාන කොන්සල් කාර්යාලයට පහර දී විනාශ කිරීම සම්බන්ධයෙන් ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඉරානය ඊශ්‍රායලයට පහර දීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් ඕනෑම ප්‍රහාරයකින් තමන් ආරක්ෂා වීමට සූදානම් බව ඊශ්‍රායලය පවසා ඇති අතර අමෙරිකානු ජනපති ජෝ බයිඩන් පවසා ඇත්තේ ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා කැපවී සිටින බවය.

ඉරනයේ අනතුරු ඇඟවීම් හමුවේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය යුද කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් හමුවී ඇති බවද වාර්තා වේ.

Werzuo Digital

Leave a Reply