නාවිකයන් සමග දකුණු මුහුදේ අතුරුදන් යාත්‍රාව ගොඩබිමට රැගෙන එයි

නාවිකයන් 06 දෙනකු සමග ඉකුත් 17 දින අතුරුදන් වු නාවික යාත්‍රාව පානම ගිනිකොණ නාවික විධානය වෙත අද (19) රැගෙන ආ බව නාවික හමුදාව ප්‍රකාශ කර තිබේ.

යාත්‍රාවේ සිටි නාවිකයන් වෛද්‍ය පරීක්ෂණය සදහා යොමු කළ බවත් ඔවුන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවට තහවුරු වු බවද නාවික හමුදාව ප්‍රකාශ කර තිබේ.

මෙම යාත්‍රාව දකුණු මුහුදු ප්‍රදේශයේ විශේෂ ආවේක්‍ෂණ රාජකාරීන් සිදුකරමින් සිටියදී යාත්‍රාවේ එන්ජින් යන්‍ත්‍රයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට ලක්ව, පැවති අයහපත් කාලගුණික තත්වය හමුවේ යාත්‍රාව නාවික සැතපුම් 400 ක පමණ දුරක් (කිලෝමිටර් 740 ක් පමණ) ශ්‍රී ලංකාවට ගිණිකොන දිශාවෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් ඇති අතර, ඒ හේතුවෙන් ඉකුත් 17 වනදා සිට නාවික හමුදාව සමඟ පණිවිඩ සම්බන්ධතා සම්පූර්ණයෙන් ගිලිහී ගොස් ඇත. පසුව යාත්‍රා සිටි නාවික පුද්ගලයන් විසින් එහි ඇතිවූ කාර්මික දෝෂය යථාතත්වයට පත්කර ගැනීමෙන් අනතුරුව, ගොඩබිම දෙසට යාත්‍රා කරමින් සිටියදී, මෙම යාත්‍රාව සෙවීමේ මෙහෙයුම සඳහා අනුයුක්තව සිටි A 521 නෞකාව මඟින් ඊයේ (18) දහවල් වන විට දකුණු මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාව සමඟ නැවත පණිවිඩ සබඳතා ගොඩනඟා ගෙන ගොඩබිමට රැගෙන පැමිණ තිබේ

ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී මෙම යාත්‍රාව අසලින් වෙළඳ නෞකාව ගමන් ගත් බවත්, පිරිස ඔවුන්ගෙන් ආධාර ඉල්ලා කෑ ගැසුවද එම නෞකාවලට මෙය නිරීක්ෂණය වී නොමැති බවද නාවික හමුදාව ප්‍රකාශ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වූ පෙර පුවත් සදහා 👇

Leave a Reply