නාවිකයන් පිරිසක් සමග නාවික හමුදා යාත්‍රාවක් දකුණු මුහුදේ අතුරුදන්

දකුණු මුහුදු තීරයේ මෙහෙයුමක නිරතව සිටි නාවිකයන් 06 දෙනෙක සමග යාත්‍රාවක් දින 20ට අධික කාලයක් දින සිට අතුරුදන්ව ඇති බව වාර්තාවේ.

හය දෙනකුගේ සමන්විත මෙම නාවික හමුදා කණ්ඩායම පසුගිය (16) දින මෙහෙයුම සදහා දකුණු මුහුද තීරයට ගොස් ඇති අතර, ඉකුත් (17) දින සිට ඔවුන්ගේ සන්නිවේදන බිඳ වැටීමෙන් මේ දක්වා ඔවුන් අතුරුදන්ව ඇති බව එම වාර්තා පවසයි.

නාවික හමුදාව මේ දක්වා එම මුහුදු ප්‍රදේශය සෝදිසියට ලක් කළ ද මේ දක්වා මෙම පිරිස හෝ යාත්‍රාව හමුවී නොමැති අතර මේ වන විටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.