දකුණු මුහුදේ නැවියන් සමග අතුරුදන් යාත්‍රාව සොයා ගුවන් හා නාවික මෙහෙයුම්

පසුගිය 17 වනදා තංගල්ලෙන් ආවේක්ෂන මෙහෙයුම් සදහා ගොස් නාවිකයන් 06 දෙනෙකු සමග දකුණු මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව එකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කර තිබේ.

මෙම අතුරුදන් වූ යාත්‍රාව පිළිබඳව අසල්වැසි රටවලට ද දැනුම් දී ඇති බවද නාවික හමුදාව ප්‍රකාශ කර තිබේ.

මේ අතර අදාළ යාත්‍රාවේ සිටි අතුරුදන් වූ නාවික හමුදා සාමාජිකයින්ගේ ඥාතීන්ට මේ පිළිබඳව නාවික හමුදාව දැනුම් දී තිබේ.

පෙර පුවත සදහා 👇

One thought on “දකුණු මුහුදේ නැවියන් සමග අතුරුදන් යාත්‍රාව සොයා ගුවන් හා නාවික මෙහෙයුම්

Leave a Reply