ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යන් 06 ක් තීරස් රේඛාවකට හමුවන කොග්ගල

ලෝකයේ මිනිසා විසින් භාවිතයට ගන්නා ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයන් 06 ක් එකම ස්ථානයක කිලෝමීටරයක තිරස් රේඛාවකට හමුවන ප්‍රදේශයක් ගාල්ල කොග්ගල පිහිටා තිබේ. ඒ අනුව වාහනයකින්, මුහුදේ නෞකාවකින්, ගුවනින්, දුම්රියෙන්, බොට්ටුවකින් සහ පාගමනින් එකම තැනක එකම වෙලාවක ගමන් ගැනීමට හැකි අතර මෙවන් ස්ථානයක් ලෝකයේ කොග්ගල පමණක් හමුවිම සුවිශේෂීය.


ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ හබරාදුව නගරය පසු කර සුළු දුරක් යනවිට මෙම සුවිශේෂී ස්ථානය හමුවෙයි.
කොග්ගල ගම සුවිශේෂ ජනප්‍රිය ගම්මානයක් බවට පත්වන්නේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ උපන් ගම වීමත් එතුමන්ගේ ජනප්‍රිය කෘති විශාල ප්‍රමානයකටම කොග්ගල ගම්මානය පිළිබඳව විවිධ තොරතුරු ඇතුලත් වීමත් නිසාවෙනි. 
මාර්ටින් වික්‍රමසිංහ මහතා උපන් සහ තිස් වසරක් පමණ ජීවත් වූ නිවස මේ වනවිට ජනප්‍රිය කෞතුකාගාරයක් බවට පත් කොට තිබේ.
ඒ සම්බන්ධයෙන් ඉදිරි ලිපියකදි හමුවෙමු…

Leave a Reply