දියයට කලාගාරය ලංකාවට හඳුන්වාදුන් ගාලු තරුණයා

මුහුද යට ඇත්තේ සුන්දර ලෝකයකි. සැබවින්ම මුහුදු පත්ල රහස්‌ සගවාගෙන සිටින ගුහාවක්‌ වැනිය. එදා 2018 අප්‍රේල් 14  දිනයි ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගිලී තිබී කිලෝ 40 කට වැඩි බරක් සහිත පෞරාණික පිළිමයක් මුහුදේ කිමිදිමට ගිය පුද්ගලයෙකුට හමුවු පුවතක් ලංකාවේම ලැව් ගින්නක් මෙන් පැතිර ගියේ..

“මේක බුරුමයෙන් ආපු පිළිමයක්” ” පෞරාණික පුරාවස්තුවක්” පෙර දවසේ රජ කාලයෙහි පිළිමයක් යනුවෙන් ඒ අතර විවිධ කට කතා පැතිරෙන්නට විය.

ගාල්ල කොටුව ආසන්න මුහුදේ කොරල්පර නැරඹීමට නිතර පැමිණෙන පුද්ගලයින් දෙදෙනෙකුට මෙම පිළිමය මුහුදු වෙරළේ සිට අඩි 150-200 පමණ දුරකින් හමුවී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පොලීසිය ද දැනුවත් කර ඇති බව ජනමාධ්‍ය හරහා මෙන්ම සමාජ මාධ්‍යවලින්ද වැඩිදුරටත් කරුණු අනාවරණය වුනා

කෙසේ වෙතත් පසුව පිළිමය සම්බන්ධව කතාව වෙනතකට යොමුවිය. මෙම පිළිමය තමා විසින් 2018 පෙබරවාරි මස මැදදි මුහුදේ ගිල්වු බව ගාල්ල කොටුව ලේන්බාන් විදියේ චිත්‍ර සහ මුර්තී කලාගාරයක් පවත්වාගෙන යනු ලබන තරුණයෙකු වන ජනක ද සිල්වා මාධ්‍ය වෙත පවසා සිටියේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු කියා සිටියේ මෙම කලාව (Underwater Sculpture)  අන්ඩර් වෝටර් ස්කල්ප්චර් යනුවෙන් හඳුන්වන බවයි. බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වු ජේසන් ටේලර් නැමැත්තෙකු විසින් මෙම කලාව ලෝකයට හඳුන්වා දෙනු ලැබුවක් බව ඔහු පැවසිය. එහිදි සිදුවන්නේ අඹන ලද මුර්ති, රූප සහ පිළිම කොරළ් පර ආශ්‍රිතව මුහුදේ තැන්පත් කිරිමයි එලෙස තැන්පත් කල පසු කාලයක් ගතවන විට එම පිළිමවල කොරළ් පර සෑදි එය එම පරිසරය අලංකාර දියයට කලාගාරයක් සහ කොරළ් පරිසරයට හිතකර වන නිසා මෙම කලාව ලොවපුරා ජනප්‍රිය වු බව ජනක ද සිල්වා එහිදි පැවසිය.

මෙම කලාව ශ්‍රි ලංකාවට ආධුනික බවත් මෙම කලාව ජනප්‍රිය කිරිම මඟින් සංචාරක ව්‍යාපාරයට සහ කොරළ් පර මතු පරපුරට රැකගැනිමට ඉවහල් වන බවත් ඔහු පැවසිය. කාලයක් තිස්සේ  කල අධ්‍යනයකින් පසු මෙම පිළිමය තමා විසින් මුහුදේ තැන්පත් කල බවත් එලෙස තැන්පත් කිරිමට පෙර සහ තැන්පත් කල පසු ගත් ඡායාරුප විඩීයෝ තමා සතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

ඒ 2018 මෙම කලාව පලමු වරට ශ්‍රි ලංකාව හදුන්වා දුන් ජනක ද සිල්වාගේ කතාවයි..

ගාල්ල අම්බලන්ගොඩ දි උපත ලැබු ජනක අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි

අද ඒ පිළිබඳව මතකය සිය අවදි කරමින්  ඔහු අපත් සමග කතා බහකට එක්වුනා..

“අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ කලාගරයක් තුලට ගිහින් චිත්‍ර මුර්ති පිළිම නරඹන්න. මට ඕන වුනේ එක වෙනස් කරන්න කොරළ් පරිසරයේ තිබෙන මෙවැනි කලාත්මක දේවල් දිය යට කිමිදිමෙන් නැරඹිමට පුරුදු සැලස්විමටයි  අපේ රටේ මෙය අලුත් දෙයක් වුනාට ලෝකයේ ඉතාම ජනප්‍රිය දෙයක් මේක..මෙය ඉතාම අභියෝගාත්මක දෙයක් නමුත් අද මම යම් සාර්ථකත්වයක් ලබලා තියනවා

මුහුදු කලාගාරය (Underwater Sculpture) එක අවුරුදු හතරකට පහකට උඩදි තමයි මට අදහස ආවේ 2014 වර්ෂයෙන් පටන් අරගෙන 2017 වර්ෂය වෙනකොට මම මුලින්ම සාම්පල් එකක් මුහුදට දැම්මා මුහුදට. 2018 දි මුහුදේ කිමිදෙන්න ආපු කෙනෙක් දැකලා එක අරගෙන මුළු ලංකාවටම එක ප්‍රවෘත්තියක් වුනා පුරාවස්තුවක් හම්බ වුනා කියලා මම මේ කිව්වේ මගේ පලමු ව්‍යපෘතිය පටන් ගත්තු හැටි. ලේසි වුනේ නැහැ මේ දේ කරන්න නිත්‍යනුකුලව අවසර ගන්න නිලධාරින්ට තේරුම් කරලා දෙන්න හරිම අමාරු වුනා. මේකේ මොකක්ද තියන වටිනාකම පරිසරයට තියන වටිනාකම අපේ රටට තියන වටිනාකම පිලිබදව තේරුම් කරලා දෙන්න හරිම අමාරු වුනා

අපේ රටේ කලාගාරවලට තියන සැලකිල්ල අඩුයි පාසල් ලමුන් පවා කලාගාරවලට එක්කරගෙන යන්නේ නැහැ එහෙම තත්තවයක් තිබියදි මුහුද යට කලාගාරයක් කිව්වම එක ගැනත් තැකිමක් නැහැ. රට වටේම මුහුද තියනවා ඒ වටා ලස්සන කොරල් පරයක් තියනවා එක අපේ රටට මහා සම්පතක් සංචාරකයින් ආකර්ශණය කරගන්න පුළුවන් හොද කලාවක් මේක. මම මේ කලාවට ආසයි චිත්‍ර සහ මූර්ති  මේක සමුද්‍රිය පරිසරය එක්ක බැදුනු අපූර්ව කලාවක් වගේම රටට ආර්ථික වාසි ගෙනෙන ධන උල්පතක්, මත්ස්‍ය ගහනය, කොරල් පර සහ සමුද්‍රිය පරිසරයේ වැඩි කරන්න පුළුවන් කලාවක්

අපි පසුගියදා මුහුදට දැම්ම මුර්තිය නිර්මාණය කලේ චමිල ගමගේ මේ සදහා අපිට ගාල්ල මුහුදු පුරා විද්‍ය ඒකකය, ශ්‍රි ලංකා සංචාරක මණ්ඩලය, වෙරළ සං‍රක්ෂණ දෙපාර්තුමේන්තුව වගේම විශේෂයෙන්ම සදහන් කරන්න ඕන ගාල්ල අවට ඉන්න ධීවර සහෝදරවරුන් එයාලා ස්වේඡාවෙන් ඉදිරිපත් වෙලා අපිට උදවු කලා අපි එක උණවටුන මුහුදේ අඩි 5 – 9 ත් අතර ගැඹුරු තැන්පත් කලා

ඒ වගේම විශේෂයෙන්ම සදහන් කරන්න ඕන අපි සැලසුම් කරලා තියනවා විශේෂ ආබාධ සහිත අයටත් මේක නරඹන විදියට රෝද පුටුවකින් ගිහින් බලන්න පුළුවන් විදියට. ලෝකේ තියනවා අන්ඩවටර් පාත්වේ  ඉන්දුනිසියාව, තායිලන්තය, මොරිෂස් වැනි රටවල්වල මේ කලාව ජනප්‍රියයි අපි සංචාරක මණ්ඩලය එක්ක එකතු වෙලා අපි ලංකාවේත් එක ජනප්‍රිය කරන්න සලසුම් කරලා තියනවා. ඒ වගේම යකඩවලින් හදපු මුර්ති දාන්නත් සලසුම් කරලා තියනවා.

මේ දේවල් මගේ අවුරුදු 3 ක් මහන්සියක් විශාල මුදලක් වියදම් වුනා ඉන්දුනිසියාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල්වට ගිහින් මේ ගැන හොයලා බැලුවා අධ්‍ය‍යනය කලා. ඒ රටවල්වල මුහුදු වෙරලේ ඉදලා මේ කලාගාර නරඹන්න අධිවේගි බෝට්ටුවලින් පැය දෙකක තුනක මුහුදු ගමනක් යන්න ඕන එත් අපේ හැදුවොත් අඩු වියදම්කින් පොඩි වේලාවකදි ඒ වගේ ස්ථාන නරඹන්න එක්කරන් යන්න පුළුවන්.

අපිට ඉලක්ක කරන්න පුළුවන් මේ සම්බන්ධ උනන්දුවන පිරිස්, මෙමගින් එම කලාපවල සිටින ප්‍රජාවගේ ආර්ථිකය දියුණු කරන්න පුලුවන් මෙවැනි කලාගාර නිර්මානය කරන්න අපිට අපේ සම්පත තියනවා චිත්‍ර ශිල්පින් මුර්ති ශිල්පින් අපිට ඉන්නවා

ඉතිං අවසාන වශයෙන් මගේ බලාපොරොත්තුව මෙම කලාව ශ්‍රි ලංකාවේ ජනප්‍රිය කරලා එමගින් රටට ආර්ථික වාසි ලබා ගැනිමට හැකි අයුරින් දියුණු කිරිමයි ජනක ද සිල්වා කතාව අවසාන කරමින් එසේ පැවසීය..


✍️ ෆර්හාන් නිසාම්දින් 


3 thoughts on “දියයට කලාගාරය ලංකාවට හඳුන්වාදුන් ගාලු තරුණයා

Leave a Reply