ඇළක සැඩ පහරට හසුව ගසාගෙන ගිය කාන්තාවක් බේරාගැනේ

දික්ඔය ඇළේ ගසාගෙන ගිය කාන්තාවක් බේරා ගැනිමට හැටන් පොලිසියේ නිලධාරින් සමත් වී තිබේ

හැටන් දික්ඔය වතුයායේ පදිංචි මෙම කාන්තාව අද (03) අලුයම දික්ඔය වනරාජා වතු යායේ තම පුතාගේ නිවසට යාම සඳහා දික්ඔය ඇළ තරණය කිරීමට ගිය අවස්ථාවේ දික්ඔය ඇළෙහි සැඩ පහරට හසු වී පහළට ගසාගෙන ගොස් තිබේ

පසුව කාසල්රි ජලාශයට හැටන් ප්‍රදේශයේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළෙහි ගසාගෙනවිත් ගලක් මත රැඳී සිටියදි මෙම මව බේරාගැනීමට ප්‍රදේශවාසීන් හා එක්ව පොලිසිය කටයුතු කර ඇත.

Leave a Reply