2018 වසරේදී බොරලැස්ගමුවේදී රිය අනතුරක් සිදු කර පොලිස් පරීක්ෂකවරයෙකු මියගිය සිද්ධියට අදාළ විශේෂඥ වෛද්‍යවරියක් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ. එහිදි මියගිය අයගේ පවුලට රුපියල් ලක්ෂ 100ක වන්දියක් ගෙවන ලෙසට ද අධිකරණ නියෝග කර ඇත
බොරලැස්ගමුව – වික්‍රමරත්න මාවතේදී 2018 වසරේ සැප්තැම්බර් (30) අලුයම මෝටර් රථ දෙකක් ගැටී සිදුවූ මෙම අනතුරෙන් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ 51 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් තිබිණ.
මීට අමතරව ඔහු ගමන් ගත් මෝටර් රථයේ සිටි බිරිඳ සහ 8 හැවිරිදි පුතු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු අතර අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ වෛද්‍යවරිය බීමතින් සිට ඇති බවටයි සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් ගමන් ගත් මෝටර් රථය බොරලැස්ගමුවේ සිට කොළඹ දෙසට ධාවනය වී ඇති අතර, වෛද්‍යවරිය ගමන් ගත් මෝටර් රථය කොළඹ දෙස සිට පිළියන්දල දෙසට ගමන් කර තිබූ බව පොලීසිය සඳහන් කර ඇත.
වෛද්‍යවරිය ගමන් ගත් මෝටර් රථය අපරික්ෂාකාරි ලෙස අධික වේගයෙන් ධාවනය කර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබුණා.