සිම්බාබ්වේ හිටපු නායක හීත් ස්ට්‍රීක් දිවි සැරිය නිමා කරයි

සිම්බාබ්වේ හිටපු නායක හීත් ස්ට්‍රීක් අභාවප්‍රාප්ත වි තිබෙන බව විදෙස් මාධ්‍ය අද (03) වාර්තා කළේය.

මියයන විට විට ඔහු වයස අවුරුදු 49 හැවිරිදි වියෙහි පසුවිය.

හීත් ස්ට්‍රීක් මහා බඩවැලේ සහ අක්මාවේ පිළිකා තත්වයකින් රෝගීව සිටියදී මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

ඔහුගේ බිරිඳ මේ බව ඇයගේ ෆේස්බුක් පිටුව තුළ මොහු මිය ගොස් ඇති බවට සටහනක්ද පළ කර තිබේ.

ටෙස්ට් තරග 65කට සහ එක්දින ජාත්‍යන්තර තරග 189කට සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කළ ස්ට්‍රික් තරග රටා දෙකේ දී ම කඩුලු 200කට වැඩියෙන් දවා ගන්නට සමත් වුනා.

දශකයකට එහා ඇදී ගිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට තිත තබමින් හීත්, 2005 වසරේ සැප්තැම්බර් මාසයේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළා

ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර කණ්ඩායම් කිහිපයක පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ හීත් ස්ට්‍රික් ඉන්දියානු ප්‍රිමියර් ලීග් කණ්ඩායම් කිහිපයක මෙන්ම පාකිස්තානු සුපර් ලීග් තරගාවලියෙත් පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළා. 

Werzuo Digital

Leave a Reply