ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම ඉහළට

මේ වන විට දකුණු පළාතට ඇදහැලෙන තද වැසි හේතුවෙන් ගිං ගඟේ සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග අංශ පවසයි.

අකුරැස්ස ඇතුළු ප්‍රදේශවලට දින දෙකක සිට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් පහත් බිම් යටවී ඇති අතර නිල්වලා ගඟේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන තද වැසි හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටමත් ඉහළ ගොස් ඇති අතර පවතින වර්ෂාව නිසා ඒ ආශ්‍රිතව පහත්බිම් රැසක් ජලයෙන් යටවි ඇත

Werzuo Digital

Leave a Reply