මෙනින්ගොකොකල් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

මෙනින්ගොකොකල්’ බැක්ටීරීයාව ආසාදනය වී ඇත්තේ, රෝගීන් දෙදෙනෙකුට පමණක් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ගාල්ල බන්ධනාගාරයේ එක් පුද්ගලයෙකුට පමණක් මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇති බව පරීක්ෂණ හරහා තහවුරු වී ඇති බවයි.

එමෙන්ම කොළඹින් වාර්තා වූ අනෙක් රෝගියාත් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සුව අතට පත් වෙමින් සිටින බවත් ඔහු ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අත්තිඩිය ප්‍රදේශයේ සේවය කර ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

ඇතැම් මාධ්‍යය හරහා ‘මෙනින්ගොකොකල්’ බැක්ටීරීයාව ආසාදනය කොළඹටත් පැතිර ඇති බවට වැරදි මත ප්‍රචාරය කරන බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පැවසුවේ, මෙම රෝගය වැළඳුණ රෝගීන් මීට පෙර වසරවල ද කොළඹ ඇතුළුව ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බවයි.

මේ අතර, ගාල්ල කරාපිටිය රෝහලේ දී ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණ මියගිය කුඩා දරුවෙකුට මෙම රෝගය වැළඳි ඇති බවට සැක පළ කළ ද එම දරුවාට මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස් රෝගය නොතිබූ බවට පරීක්ෂණ හරහා සනාථ වී ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටක් ප්‍රකාශ කළේය

Werzuo Digital

Leave a Reply