ගාල්ල නාගොඩ දී පුද්ගලයෙකු අද (01) සවස ගිං ගඟේ දිය නැමට ගොස් ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි නාගොඩ පොලිසිය පවසයි.
ගාල්ල නාගොඩ මේ දිනවල පවත්වාගෙන යන සැණකෙලියේ මාරක ලිදේ යතුරු පැදි ධාවනය කරන පුද්ගලයෙකු මෙලෙස අතුරුදහන් ව තිබේ.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ මිගමුව පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
පවතින අධික වර්ෂාව හේතුවෙන් නාගොඩ සැණකෙළිය නතර කිරිම නිසා මෙම පුද්ගලයා සහ තවත් දෙදෙනෙකු මත්පැන් පානය කර දිය නෑම සඳහා පාලම මතසිට ගඟට පැන ඇත.
එම අවස්ථාවේ ඔහු ජල පහරට හසුව පහළට ගසාගෙන ගොස් ඇති අතර අනෙක් දෙදෙනා දිවි බේරාගෙන ඇත.
නාගොඩ පොලිසිය සහ ප්රදේශවාසින් එක්ව අතුරුදහන්වු පුද්ගලයා සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත.