LPL ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

දෙස් විදෙස් ක්‍රිකට් තරු සහභාගිවන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර අද (30) ආරම්භ වීමට නියමිතය.

පළමු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන්නේ ගියවර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතරය.

තරග 24කින් සමන්විත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර අද සිට අගෝස්තු 20 වනදා දක්වා පැවත්වීමට නියමිතව තිබේ.

මෙවර තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස්, කලම්බු ස්ට්‍රයිකර්ස් , දඹුල්ල අවුරා, ගෝල් ටයිටන්ස් සහ බී ලව් කැන්ඩි යන කණ්ඩායම් 5 තරග වැදීමට නියමිතය.

මූලික වටයේ තරග 12ක් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහ මූලික වටයේ තරග 8ක් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

අවසන් වටයේ තරග තුන සහ අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.

මෙවර ශූරයින්ට පිරිනැමෙන කුසලානය කොළඹ අවට ප්‍රෙද්ශවල ඉකුත්දා ප්‍රදර්ශනය කෙරුණු අතර මෙවර ශූරයින්ට පිරිනැමෙන එල් පී එල් කුසලානය ප්‍රතිචක්‍රීකරණය කළ ඇලුමිනියම් කෑන්වලින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

ඒ. වෙරළ තීරවලින් සොයාගත් ඇලුමිනියම් කෑන් 2,523ක් යොදාගනිමිනි.

මෙලෙස ප්‍රතිචක්‍රීකරණය ක්‍රියාවලියක් මඟින් ක්‍රිකට් කුසලානයක් නිර්මාණය කළ පළමු අවස්ථාව මෙය වේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පස්වරුවේ පැවැත්වෙන සමාරම්භක උත්සවය වෙනුවෙන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දොරටු පස්වරු 3.30 සිට විවෘත කරන බව තරග සංවිධායකයින් පවසයි.

Werzuo Digital

Leave a Reply