නැවක් තුල ගෙළ වැළලාගත් විදේශිකයෙකුගේ මළ සිරුර ගාලු වරායට

ඉරානයේ සිට චිනය බලා ජාත්‍යන්තර මුහුදේ ගමන් කරමින් තිබු නෞකාවක සේවය කල නැවියෙකු ගෙල වැළලාගෙන මියගොස් ඇති බවත් ඔහුගේ මළ සිරුර අද (18) පස්වරුවේ ගාලු වරායට රැගෙන පැමිණි බව පොලිසිය පවසයි.

පසුව මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා ගාල්ල කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන ගොස් තිබේ.

හොංකොං රාජ්‍යයේ ලියාපදිංචි නෞකාවක සේවය කරමින් සිටි ඉන්දීය ජාතික 42 හැවිරිදි නැවියෙකු ඊයේ (17) ගෙළ වැළලාගෙන මෙලෙස මියගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply