තලෙයිමන්නාරම 10 හැවිරිදි දැරියට ලිංගික අපරාධයක් සිදු කර ඝාතනය කරලා

තලෛමන්නාරම උතුර ප්‍රදේශයේදී මියගිය දැරිය දුෂණයට ලක්කර ගෙල සිරකර ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණයවී තිබේ.

දැරියගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (17) පෙරවරුවේ යාපනය ශික්ෂණ රෝහලේදී සිදුකෙරුණි.

කෙසේ වෙතත් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මන්නාරම මහෙස්ත්‍රාත්වරයා අද පොලීසියට අවසර ලබාදී තිබුණි.

තලෛමන්නාරම උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 10 හැවිරිදි මෙම දැරිය පසුගියදා සිය නිවස ආසන්නයේ පිහිටි වෙළෙඳසැලකට ගොස් යළි නොපැමිණීම හේතුවෙන් පවුලේ ඥාතීන් විසින් ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී තිබුණි.

අනතුරුව දැරියගේ මළ සිරුර ප්‍රදේශයේ පොල් ඉඩමක තිබී සොයාගනු ලැබීය.

ඒ සම්බන්ධ පෙර පුවත සඳහා 👇

තලෛමන්නාරම 10 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි – ලිංගික අපරාධයක් කර ඇති බවට සැකයක්

Werzuo Digital

Leave a Reply