හබරාදුව වෙඩි තැබීමක්

හබරාදුව, තල්පේ උතුර ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ (09) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.

මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් පොලිස් නිලධාරීන් බව පවසමින් නිවසේ සිටි පුද්ගලයා ව මෝටර් රථයෙන් රැගෙන ගොස් වෙඩි තබා මාර්ගයේ අත්හැර දමාගොස් ඇති බව පොලීසිය පවසයි.

එම පුද්ගලයාගේ කලවා ප්‍රදේශයට වෙඩි තැබීම සිදු කර ඇති අතර, තල්පේ උතුර ප්‍රදේශයේ අත්හැර දමාගොස් සිටි ඔහු ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරු 30 හැවිරිදි මාතර, නාවිමන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හබරාදුව පොලීසිය විමර්ශන සිදු කරයි.

Werzuo Digital

Leave a Reply