කරාපිටියේ පස් කණ්ඩියක් කඩා වැටී එක් අයෙකු ජිවිතක්ෂයට

ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ ඉදිකර ගෙනයනු ලබන මහල් හතරක ගොඩනැගිල්ලක පිටුපස කොටසේ කම්බි බදිමින් සිටි සේවකයන් පිරිසක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එක් අයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මීගොඩවත්ත ඉහළ වල්පොල ඉමදූව පදිංචි තිස්පස් හැවිරිදි ප්‍රසංග සංජිව නැමති පුද්ගලයෙකි.

තුවාල ලැබූ පිරිසද ඉමදුව වල්පොල පදිංචි පිරිසක් බව පොලිසිය පවසයි.

අද පස්වරු 1.00 පමණ මෙම සිද්ධිය සිදුව ඇති බවත් සිද්ධිය සිදුවූ වහාම පොලිසිය, ගාල්ල ආපදා කළමනාකරණ ඒකකය, ගාල්ල ගිනි නිවන ඒකකය, හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පස් කන්දට යටව සිටි දෙදෙනෙකු බේරාගත් අතර පසුව යට වී සිටි එක අයෙකුගේ මළ සිරුරක් ගොඩ ගනු ලැබීය.

තවත් අයෙකු දැඩි කම්පනයට පත්වීමෙන් ඔහුද රෝහල් ගත කළ බව ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.

සිද්ධියත් සමග ගාල්ල මාපලගම ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පැවති අතර ගිලන් රථ මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල එම ස්ථානයට කැඳවා තිබෙන අයුරු දක්නට ලැබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply