දකුණ ඇතුළු පළාත් හතරකට ඩෙංගු අවදානමක්

බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල පොදු ස්ථානවල සහ පූජනීය ස්ථානවල මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වශයෙන් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 

එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 74,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 34,645කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 47.5කි.

ඩෙංගු අධි අවදානම් කලාප කලාප 45ක් මේ වන විට නම් කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 10ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 08ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 03ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 11ක් ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 02ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 01ක් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 01ක් ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 04ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 03ක් ද වශයෙන් එම කලාප හඳුනාගෙන තිබේ.

මේ මස තුළදී පමණක් ආසාදිතයන් 4,347ක් වාර්තා වී තිබේ. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 15,464ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 14,596ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 4,585ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 7,068ක් ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 3,371ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 3,065ක් ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2,933ක් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 2,797ක් ද වාර්තා වී තිබේ.

නොවැම්බර් 06 වැනිදා සි⁣ට 12 වැනිදා දක්වා වන 45 වැනි සතියේ ඩෙංගු ආසාදිතයන් 1,586ක් වාර්තා වී ඇති අතර 44 වැනි සතියට සාපේක්ෂව එය සියයට 3.5ක වැඩි වීමකි.

ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම වැසි කාලයේදී පරිසරය පිරිසිදුව තබා ගැනීමටත් වැසි ජලය ඒකරාශි වන ස්ථාන පිරිසිදු කර මදුරුවන් බෝ වීම වළක්වා ගැනීමටත් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටි

Werzuo Digital

Leave a Reply