ගාලු කොටුවට පැමිණෙන සංචාරකයන්ගෙන් මුදල් අය කිරීමට ඉඩ දෙන්නේ නැහැ – අමාත්‍ය රමේෂ් පතිරණ

ගාලු කොටුවට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් මුදල් අය කිරීමට කිසිසේත්ම අවසර ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ගාලු කොටුව  සුධර්මාලය විහාරයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී අද (25) සවස ප්‍රකාශ කළේය.

ගාලු කොටුවට ඇතුළු වන සංචාරකයන්ගෙන් ඩොලර් 15 ක මුදලක් අයකිරීමට ගාලු උරුමය පදනම තීරණය කර ඇති බව මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව එයට විරෝධය පලකරමින් කොටුවේ පදිංචි ප්‍රදේශවාසීන් සහ සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ ව්‍යාපාරිකයන් විරෝධතා ලිපියක් මෙන්ම කලු කොඩි විරෝධතාවයක් ද පවත්වන ලදී.

ඒ අනුව අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ ගාලු කොටුවේ ප්‍රදේශවාසීන් ව්‍යාපාරිකයන් අතර මෙම සාකච්ඡාව පැවැත්වින.

මෙම මුදල් අය කිරිමේ තීරණය ක්‍රියාත්මක කිරීමට ගාලු උරුමය පදනමට අවසර ලබා නොදෙන බවත් එවැනි මුදල් අය කිරිමේ පියවරකට ඔවුන්ට යෑමට කිසිසේත්ම ඉඩ නොතබන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply