අධික වැසි සමග ඉකුත් දිනවල ජලයෙන් යටවි ආපදා තත්වයට පත්වු ප්‍රදේශවල ඩෙංගු පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි මෙවර පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ එරන්ද හෙට්ටිආරච්චි මහතා පැවසිය
දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්විම පැවැත්විණ.
එහිදි එරන්ද හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් කියා සිටියේ.
මෙම වසරේ මේ වනවිට දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගින් 2811ක් වාරතාවි ඇති අතර පසුගිය මාසවලට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේ ඩෙංගු රෝගින්ගේ වැඩිවිමක් දක්නට ලැබෙන බවය. ඒ අනුව ඔක්තෝබර් මාසයේ රෝගින් 260ක් හඳුනාගෙන ඇති අතර එයින් 88ක්ම හඳුනාගෙන ඇත්තේ ගාල්ල නගර සභා බල ප්‍රදේශයෙනි.
මෙයට අමතරව අක්මීමණ, බද්දේගම, හබරාදුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලද ඩෙංගු පැතිර යාමේ වැඩි අවදානමක් පවතින බවට හඳුනාගෙන ඇති බවත් ඒ මහතා කිය..
ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ පාසල් අවටද ඩෙංගු කිටයන් වාර්තාවිමේ ප්‍රවණතාවයක් පවතින බැවින් ඩෙංගු මර්ධන වැඩ සටහන් පාසල් ආශ්‍රිතව දිගටම ක්‍රියාත්මක කල යුතු බවය.
දිගටම ඇද හැලෙන අධික වැසි නිසා ජලය නිසි ලෙස බැස නොයාම මේ තත්වයට හේතුවි ඇති බවද ඒ නිසා නිවෙස් අවට පරිසරය පිරිසිදුව තබා ගැනිමට සැළකිල්ල දැක්විය යුතු බවද ඒ මහතා කියා සිිටියේය.