කිරින්ද යෝධ කන්ඩිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ඉන්දියානු ජාතික විශේෂඥ වෛද්‍යවරයකු (13) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මෙරට සංචාරයක් සදහා පැමිණ සිටි සහිර් අහමඩ් නැමැති 63 හැවිරිදි ඉන්දියානු ජාතික විශේෂඥ වෛද්‍යවරයෙකි.
මියගිය අය ඔහුගේ මව සහ සහෝදරයින් සමග මෙම හෝටලය වෙත නවාතැන් ගැනීම සදහා ඊයේ (12) පැමිණ ඇති අතර අද උදැසන අවදි නොවිම නිසා ඔහුගේ සහෝදරයා මේ පිළිබදව හෝටලයේ කළමනාකරු දැනුවත් කිරීමෙන් පසුව කළමනාකරු විසින් කිරින්ද පොලිසියට දැනුම් දී තිබේ.
පසුව තිස්සමහාරාම හදිසි මරණ පරීක්ෂකවරයා පැමිණ දේහය පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මෘත දේහය දෙබරවැව මුලික රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිරින්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.