වන සතුන් නිසා වසරකට එළවළු සහ පළතුරු මෙට්‍රික් ටොන් 31,000 රටට අහිමි වෙයි

වනසතුන් ගෙන් සිදු වන වගා හානි හේතුවෙන් වසරකට රුපියල් බිලියන 17ත් 20ත් අතර පාඩුවක් රටට සිදු වන බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් ඒ බව අනාවරණය වී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

වසරකට එළවළු හා පලතුරු මෙට්‍රික් ටොන් 31,000කට අධික ප්‍රමාණයක් වනසත්ත්ව හානි නිසා අහිමි වන අතර, වන සතුන් ගෙන් සිදු වන වගා හානි වළක්වා ගැනීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ සියලු උපක්‍රම අසාර්ථක වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

2022 වසරේ දී රිලවුන් විසින් කා දමා විනාශ කර ඇති පොල් ගෙඩි ප්‍රමාණය මිලියන 200 ඉක්මවා ඇති බව ද සඳහන්ය.

Werzuo Digital

Leave a Reply