ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති ගාසා තීරයේ පලස්තීන ජාතිකයන්ගේ ගණන 10,000 ඉක්මවා ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
කුඩා දරුවන් 4,014 දෙනෙකු, කාන්තාවන් 2,461 ඇතුළු පුද්ගලයන් 10,022 දෙනකු මේ වන විට මියගොස් ඇති බව පලස්තීන බලධාරීන් උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා කළේය.
32,000 වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් තුවාල ලබා ඇති අතර එහිද බහුතරය කුඩා දරුවන් සහ කාන්තාවන් බව ද එම වාර්තා සඳහන් කළේ ය.
පසුගිය ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කාමීන් විසින් ගාසා තීරය ආසන්නයේ පිහිටි ඊශ්‍රායල ජනපද ඉලක්ක කර සිදුකළ ප්‍රහාර හේතුවෙන් 1,400ක් පමණ මරණයට පත්විය.
එසේම එම ජනපද වල සිටි 240ක් පමණ දෙනා මේ වන විට ගාසා තීරය තුළ ප්‍රාණ ඇපකරුවන් ලෙස සඟවා සිටින බව සඳහන් ය.
ජාත්‍යන්තර ප්‍රජාව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලිම් කලත් ඊශ්‍රායලය පවසන්නේ ප්‍රාණ ඇපකරුවන්ව නිදහස් කරන තුරු ප්‍රහාර නතර නොකරන බවයි.
නමුත් ඊශ්‍රායල මෙහෙයුම් හේතුවෙන් කුඩා දරුවන් කාන්තාවන් ඇතුළු සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් දිනපතා මියයමින් සිටින බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් සහ ජාත්‍යන්තර සංවිධාන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.