ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘Brunswick’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (11) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Spearhead-Class Expeditionary Fast Transport වර්ගයට අයත් ‘Brunswick’ නෞකාව, දිගින් මීටර් 103 හා නැවේ කාර්ය මණ්ඩලය 24 දෙනෙකුගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් ANDREW H PERETTI (Captain ANDREW H PERETTI ) කටයුතු කරනු ලබයි.
එමෙන්ම, එහි නැව් මුළුව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුලදී දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත අතර, ‘Brunswick’ නෞකාව 15 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත